Social Icons

Featured Posts

පාතාල ලෝකය (Sri Lankan underworld)

මෙම වෙබ් අඩවිය පිළිබඳව පෙරවදනක්

ලයිෂන් මැරයෝ

දේශපාලකයන්ගේ මිනීමරු අපරාධකරුවන් ප්‍රදේශීය පොලීසි සමග සන්ධාන ගතවීම

පාසල් දරුවන් සිරගෙදර රඳවා පාතාලයන් කර සමාජයට යැවීම

සති කිහිපයක් සිර ගෙදර සිට පිටතට පැමිණියේ සම්පූර්ණයෙන්ම වෙනස් වූ තුෂාර කෙනෙක්

ලංකාවේ හිස ඔසවන චීන පාතාල කල්ලි

ලාංකේය පාතාලය අභිබවමින් කෙමෙන් කෙමෙන් නැඟී එන නාගරික සමාජය ආශ්‍රිතව ඉතා හොර රහසේ ක්‍රියාත්මක වන චීන පාතාල ලෝකය

Saturday, November 16, 2013

ලංකාවේ හිස ඔසවන චීන පාතාල කල්ලි


අපේ පාතාල ලෝකය අරාජික වී ඇතැයි බිම් මට්‌ටම් සමාජයේ තතු දන්නෝ පවසති. අරාජික පාතාලයේ ගෝඩ් ෆාදර් කිරුළට උරුමකම් කියන්නට තාමත් හරි හමන් හයිරන්කාරයෙකු පේන තෙක්‌ මානයේ නැත. එහෙත් බොහෝ ලෙස කළු සල්ලි එලියට එන යුරෝ ඩොලර් ක්‍රෝන් ආදිය ආරක්‍ෂක සේප්පු වලින් මතුවන මේ ඡන්ද කාලයේ මැරයන්ගේ සහ කුළී හේවායන්ගේ නම් කිසි අඩුවක්‌ අපට දකින්නට නොලැබේ. මැරයා සහ පාතාලයා අතර ඉතා ලොකු පරාසයක්‌ ඇති බව නියම සමාජ විමර්ශකයා දනිතත් බහුතරයක්‌ දෙනා සිතන්නේ තාම පාතාල ලෝකය දිවයින පුරා රජ කරන බවයි. ඇත්තම කීවොත් අද දරුණු සංවිධානාත්මක පාතාලයක්‌ අප රටේ නැත. ඇත්තේ ජඩ මැරයන් කුඩු ඡාවාරම්කරුවන් සහ කුළී මිනී මරුවන් කීප දෙනකු විසින් තැනින් තැන සිට ක්‍රියාත්මක කරන පහත් පෙළේ ක්‍රියාකාරකම් පමණි. සමාජයේ සැරිසරන්නන්ම කියන පරිදි පාතාලය අද ඉස්‌පිරිතාලයේය. නැත්නම් යූqනිට්‌ එකට බයේ දොර මුල්ලේය එසේත් නැත්නම් සුනුවිසුනුව නන්නත්aතාරයේය.

නමුත් ලාංකේය පාතාලය අභිබවමින් කෙමෙන් කෙමෙන් නැඟී එන නාගරික සමාජය ආශ්‍රිතව ඉතා හොර රහසේ ක්‍රියාත්මක වන විදේශීය පාතාල ලෝකයක්‌ අද අප රටේ ඇතැයි කීවොත් මා සමග කී දෙනෙක්‌ එකඟ වනවා දැයි කී දෙනෙක්‌ විරුද්ධ වනවාදැයි මම නොදනිමි.

පාසල් දරුවන් සිරගෙදර රඳවා පාතාලයන් කර සමාජයට යැවීම


"මම මහරගම කළු තුෂාර.... මට රුපියල් ලක්‍ෂ දහයක් ඉරිදාට ඉස්සර ඕනේ....."
පසුගියදා මහරගම පරණ පාරේ ව්‍යාපාරිකයකුට ලැබුණු දුරකතන ඇමැතුමකින් එසේ කියැවිණි. එය ඇසූ සැණින් ව්‍යාපාරිකයා තුළ මහත් බියක් ඇති විය. "කළු තුෂාර" යනු ඉතා දරුණු අපරාධකරුවකු බව ඔහු අසා තිබිණි. ඒ නිසාම ඔහු පාතාල සාමාජිකයන් ළඟින් ඇසුරු කරන හිතවතකු සොයා ගියේය. "මම දන්න විදිහට නම් ඔය විදියට තුෂාර අයියා කතා කරන්නේ නැහැ...." කතාව ඇසූ ව්‍යාපාරිකයාගේ මිතුරා එසේ කියමින් කිසියම් මාර්ගයකින් සිරගෙදර සිටි කළු තුෂාර හා සම්බන්ධ වී සිද්ධිය පවසා ඔහු හා කතා කිරීමට ව්‍යාපාරිකයාට අවස්ථාව ලබාදුන්නේය. ඔහුගේ කතාව ඇසූ තුෂාර එම ඇමැතුම ලද දුරකතන අංකය ඉල්ලාගෙන ඊට විනාඩි කිහිපයකට පසු ව්‍යාපාරිකයා ඇමතුවේය. "බය වෙන්න එපා මුදලාලි, උෟ මගේ නම විකුණන්න හදලා.... මං උෟට දෙකක් කතා කළා...."

ලයිෂන් මැරයෝ


උපදින්නේ තිගැස්‌මකි. සිදුවන දේ ඒ ආකාරයෙන්ම පිළිගැනීමට තවමත් අපේ සිත් සූදානම් නැත. අවුරුදු දාහතරක්‌ තිස්‌සේ නීතියේ පිළිසරණක්‌ නැතිව මරණීය කම්පනයක්‌ සමග ජීවත් වූ මිනිසුන්ට සිදුවන බොහෝ සිදුවීම් පිළිබඳ විශ්වාසයක්‌ උපදවන්නේ නැත. මේ මොහොතේත් අප ජීවත් වන්නේ ඒ පුරුදු අවිනිශ්චිත බව සමගිනි. එබැවින් මා දෑසින් දුටු, පුද්ගලිකව අත්විඳි අත්දැකීම් පෙළගස්‌වමින් මේ ලිපිය ලියන්නේ සැඟවී සිටය. ඒ තමන් පෙළන මරණීය අත්දැකීම් සමග ලෝකය ඉදිරිපිට හෙළිදරව් වීමට තරම් තවමත් අපේ රට සුරක්‌ෂිත නැතැයි හැඟෙන බැවිනි. 

Thursday, November 14, 2013

මල්වඩම් අනවශ්‍යයි මන්න දෙකක් අවශ්‍යයි



අතීතයේ කසිප්පු ටිකක්‌ බීගෙන කඩු, ටියුබ් ලයිට්‌, යකඩ පොලු ගෙන ගමේ රජකළ ආරිලා, පාලලා, ඇලෝසියස්‌ලා සහ උක්‌කුවලා වැනි ගං චණ්‌ඩින්ගේ යුගය මෙරට පාදඩ සංස්‌කෘතියේ ආරම්භය ලෙස අද ඉතිහාසයට එක්‌ව තිබෙන්නකි. එම ඉතිහාසයේදී මෙකී ගං චණ්‌ඩින් කළේ කසිප්පු හෝ ගංජා ටිකක්‌ විකුණමින් තමන්ගේ ආදායම සරි කර ගන්නා අතරේ තමන්ට එරෙහිව ගමේ කිසිවකු හෝ නැගී සිටියහොත් ඔහුට අතපය කැඩෙන්නට ප්‍රහාරයක්‌ එල්ල කර චණ්‌ඩි කමින් ගම වැනසීම විය. එහිදී එම පාදඩයන්ගේ ශාපය බලපෑවේ ගං චණ්‌ඩියා ජීවත් වූ ගමට පමණකි. නමුත් නින්දිත ලෙස සිදු කෙරුණු මිනිස්‌ ඝාතන, ස්‌ත්‍රී දූෂණ කොල්ල කෑම් ආදී නරුම දේ මගින් එකී යුගයේදී ගම හෝ සමාජය ඔත්පල නොවීය.

Friday, November 8, 2013

පාතාල ලෝකය (Sri Lankan underworld)

පාතාල ලෝකය හා වෙනත් අපාරාධ සම්බන්ධයෙන් විවධ මාධ්‍යන්හි පළවන තොරතුරු මෙන්ම වෙනත් ආකාරයන් මඟින් ජනතාව අතර කතාබහ කෙරෙන තොරතුරු මෙම වෙබ් අඩවිය මඟින් එකම ස්ථානයකට කැටි කෙරේ.

The information of Sri Lankan underworld and other crimes reported in medias and also talked in the community in other ways are summed up by this website.

 

UNDERWORLD

UNDERWORLD

UNDERWORLD