Saturday, November 16, 2013

ලංකාවේ හිස ඔසවන චීන පාතාල කල්ලි


අපේ පාතාල ලෝකය අරාජික වී ඇතැයි බිම් මට්‌ටම් සමාජයේ තතු දන්නෝ පවසති. අරාජික පාතාලයේ ගෝඩ් ෆාදර් කිරුළට උරුමකම් කියන්නට තාමත් හරි හමන් හයිරන්කාරයෙකු පේන තෙක්‌ මානයේ නැත. එහෙත් බොහෝ ලෙස කළු සල්ලි එලියට එන යුරෝ ඩොලර් ක්‍රෝන් ආදිය ආරක්‍ෂක සේප්පු වලින් මතුවන මේ ඡන්ද කාලයේ මැරයන්ගේ සහ කුළී හේවායන්ගේ නම් කිසි අඩුවක්‌ අපට දකින්නට නොලැබේ. මැරයා සහ පාතාලයා අතර ඉතා ලොකු පරාසයක්‌ ඇති බව නියම සමාජ විමර්ශකයා දනිතත් බහුතරයක්‌ දෙනා සිතන්නේ තාම පාතාල ලෝකය දිවයින පුරා රජ කරන බවයි. ඇත්තම කීවොත් අද දරුණු සංවිධානාත්මක පාතාලයක්‌ අප රටේ නැත. ඇත්තේ ජඩ මැරයන් කුඩු ඡාවාරම්කරුවන් සහ කුළී මිනී මරුවන් කීප දෙනකු විසින් තැනින් තැන සිට ක්‍රියාත්මක කරන පහත් පෙළේ ක්‍රියාකාරකම් පමණි. සමාජයේ සැරිසරන්නන්ම කියන පරිදි පාතාලය අද ඉස්‌පිරිතාලයේය. නැත්නම් යූqනිට්‌ එකට බයේ දොර මුල්ලේය එසේත් නැත්නම් සුනුවිසුනුව නන්නත්aතාරයේය.

නමුත් ලාංකේය පාතාලය අභිබවමින් කෙමෙන් කෙමෙන් නැඟී එන නාගරික සමාජය ආශ්‍රිතව ඉතා හොර රහසේ ක්‍රියාත්මක වන විදේශීය පාතාල ලෝකයක්‌ අද අප රටේ ඇතැයි කීවොත් මා සමග කී දෙනෙක්‌ එකඟ වනවා දැයි කී දෙනෙක්‌ විරුද්ධ වනවාදැයි මම නොදනිමි.


කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොල්ලුපිටිය, වැල්ලවත්ත, රත්මලාන, රාජගිරිය, නුගේගොඩ, ගල්කිස්‌ස, හික්‌කඩුව, ගාල්ල, උනවටුන, මහනුවර, රත්නපුරය, නුවරඑළිය, මීගමුව, හලාවත ආදී ප්‍රදේශ පුරා ව්‍යාප්තව ඇති මේ විදේශීය පාතාල ජාලය ගැන නීතිය කරවන්නන්ද අවධානයෙන් සිsටින බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

මෑත කාලයේ අගනුවර සහ තදාසන්න නගර වල සිදුවූ සමහර භයානක මිනී මැරුම් පැහැරගෙන යැම පහරදීම කප්පම් ගැනීම අතවර සහ දූෂණ මහ පරිමාණයේ මංකොල්ල නීතිවිරෝධී ගනුදෙනු හෙරොයින් හෂීස්‌ මරිජුවානා සහ එක්‌ස්‌ටසි වැනි මත්ද්‍රව්‍ය ඡාවාරම් වලට මෙකියන විදේශීය පාතාලයේ සමාජිකයන් සෘජුවම හෝ වක්‍රව සම්බන්ධව සිටිති.

රාත්‍රී කාලයේ පමණක්‌ නොව ගිනි ගහන මහ දවාලේ පවා කොල්ලුපිටිය සිට බම්බලපිටිය දක්‌වා ගාලු පාර දිගේ ඔබ ඇවිද ගියොත් සුරලොවින් බට දෙවඟනන් සේ වෙස්‌ ගත් රූමත් සුරූපී තායි චීන රුසියානු රුමේනියානු හෝ යුක්‌රේන වැනි විදේශීය ගණිකාවන් එහෙ මෙහෙ නිදහසේ ඇවිද යනු දකින්නට පුළුවන. රාත්‍රී කාලයේ කැසිනෝවල කැරොකේ වල හෝ එවන් රාත්‍රී සමාජ ශාලා වල කාලය ගත කොට එතුලින්ම සේවාලාභියකු අල්ලා ගෙන මැදියමේ හෝ හිමිදිරියේ හෝටල් කාමරයකට වදින මෙවන් කතුන් යළි එලි බහින්නේ පසුදා මධ්‍යහ්නයේ හෝ සවස්‌ කාලයේය. ඉන්පසු යළිත් මැදියම් රැය වන තුරු ඔබ මොබ සැරිසරා සුපුරුදු සේ කස්‌ටමර් කෙනෙක්‌ සොයා ගනී. අප කියන මේ විදේශීය රූමතියන් අද නාගරික සමාජයට අලුත් දෙයක්‌ හෝ විස්‌මය ගෙන දෙන කාරණයක්‌ නොවුණද ඒ අය පිටු පස සිටින ඔවුන් විවිධ අවර ගනයේ වැඩ වලට යොමු කරන උන්ව සූක්‍ෂමව මෙහෙයවන මෙරටට පිටින් ආනයනය වූ පාතාල කල්ලි ගැන නම් බොහෝ දෙනා නොදන්නා බව අපි දනිමු.

කොළඹ සහ තදාසන්න නගර වල වාණිජ ලිංගික ශ්‍රමිකාවියන් ලෙස සේවය කරන විදෙස්‌ කතුන්ගෙන් කප්පම් හෝ කොමිස්‌ ගන්නා කණ්‌ඩායම් කීපයක්‌ අද බිහිවී සිටී. අපට ලද ඉතාම විශ්වාසවන්ත තොරතුරු වලට අනුව මොවුන්ට නායකත්වය දෙන්නේ චීන්නුන් කිහිප දෙනෙකි.

"කොළඹ නගරයේ නයිට්‌ ලයිෆ් එකේ කැසිනෝ වල කැරෝකේ වල අණසක පතුරවන් ඉන්නෙ චයිනීස්‌ මාෆියාවක්‌. බොස්‌ ඕව ගැන කතා කරන්න ගහිල්ල අපිටත් වෙන්නෙ පොලිසි වල රස්‌තියාදු වෙන්නයි කට උත්තර දෙන්නයි.

එහෙම කිව්වේ කොල්ලුපිටියෙ ත්‍රීරෝද රියක්‌ වැඩ කරන මෝගන්රා-. මේ ඔහුගේ කතාවේ ඉතිරි කොටසයි. හැමදාම හවසට අර ලේන් එක පල්ලෙහ තියෙන එපාර්ට්‌මන්ට එකේ තුන්වන තට්‌ටුවේ තමයි චීන්නු ටික සෙට්‌ වෙන්නෙ උන් ගාව නැති දෙයක්‌ නැහැ යකඩ කෑලි නම් යකඩ කෑලි විසබීජ නම් විසබීජ තල නං තල තරු නං තරු ඕනි දෙයක්‌ මාර බඩු ටිකක්‌ තමයි (මෝගන්ගේ ශබ්දකෝශයට අනුව යකඩ කෑලි යනු තුවක්‌කු හෝ පිස්‌තෝලය. විසබීජ යනු මරිජුවානා කොකේන් හෂීස්‌ හෙරොයින් හෝ එක්‌ස්‌ටසි ස්‌පීඩ් වැනි මත්ද්‍රව්‍යය. තල යනු පිහි කිණිසි වැනි දේය. තරු යනු නින්ජා වරු සපත්තුවේ හංගාගෙන සිට අත්ල සහ ඇඟිලි තුඩු අගින් විදින පෙති පහේ කුඩා තියුණු තරු හැඩේ පැතලි කෑලිය)"

ඔහුගේ විස්‌තරයට අනුව මෙම චීන්නු ටික හවසට රැස්‌වී මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරමින් දුම් උරමින් කාලය ගත කර හිමිදිරියේ පාරට බහින්නේ කප්පම් කෙළියටය කැසිනෝවකට වැද තම හෙළුවෙන් අඩකට වැඩි ප්‍රමාණයක්‌ පෙන්වා නාකි සුද්දෙකු හෝ ලාංකික සල්ලාලයෙකුගේ ඉඳුරන් අවධිකර ඔහුව රවටා අසල ඇති හෝටලයකට ගෙනගොස්‌ රති ක්‍රීඩාවේ යෙදී තායි කෙල්ලක

උපයා ගන්නා මුදලින් කොටසක්‌ කප්පම් හෝ කොමිස්‌ වශයෙන් ගැනීම මුන්ගේ රස්‌සාවයි. අද නගරයේ වැඩ කරන බහුතරයක්‌ විදේශ ගණිකාවන් මේ මාෆියා කල්ලියට බයෙන් ජීවත් විය යුතුය. ඔවුන් උපයන මුදලින් කොටසක්‌ බලෙන් හෝ පැහැර ගැනීමට මුන් කටයුතු කරති.

අද කොළඹ සහ නගරාශ්‍රිත ප්‍රදේශ වල එපාර්ට්‌මන්ට්‌ රෙසිඩන්සීස්‌ ෆ්ලැට්‌ස්‌ කෝටස්‌ අනෙක්‌සස්‌ වශයෙන් විවිධ නිවාස සංකීර්ණ ඇති බව අපි දනිමු. නා නා විධ ආකර්ෂණීය නම් වලින් සහ වායුසමනය නාන තටාග ව්‍යායාම් මධ්‍යස්‌ථාන ඇතුළු සම්පූර්ණ පහසුකම් ඇති සමහර ඒවායේ ඇත්තේ තට්‌ටු දෙක තුනකි. සමහර ඒවා තට්‌ටු හත අටක්‌ උසය. මහල් දහය දොළහ ඇති නිවාස සංකීර්ණද දකින්නට ඇත. මේවායේ වෙසෙන්නෝ බොහෝ විට පිටරටින් මෙහි පැමිණ රැකියාවල නිරතව සිටින විදේශිකයන්ය. නැතහොත් විදෙස්‌ ගැහැණියක්‌ හෝ පිරිමියෙක්‌ ආවාහ කරගත් සුපිරි පන්තියේ යයි තමුන්ම සිතන ලාංකිකයෝය. එසේත් නැත්නම් සිහලකම අමතක කරන්නට වලිකන පරගැති කලු සුද්දන් වන්නට වෙර දරන්නෝය. ඒ සියලු දෙනා ඉතා අධික මිලක්‌ ගෙවා මෙවන් නිවාසයක්‌ නගරයේ අධි ආරක්‍ෂිත කලාපයෙන් වෙන්කර ගන්නේ තමන්ට ඇවැසි නිදහස භුක්‌ති විඳීමටත් උපරිම ආරක්‍ෂාවත් ලබා ගැනීමටය. ඇත්තටම ඒවා උපරිමයෙන් ඔවුන්ට ලැබේ. නමුත් රාත්‍රී කාලයේ තම රාජකාරි අහවර කොට උන් දොර කවුළු වසා විදුලි පහන් නිවා නින්දට ගිය කල සමහර මහල් වල හෝ බිම් මහලේ බේස්‌මන්ට්‌ එකේ වෙන වැඩ ගැන හාංකවිසියක්‌වත් දන්නේ නැත.

ඉක්‌මණට එන්න මට ඔබේ උදව් අවශ්‍යයි උන් කළු පාට අවුඩි කාර් එකක මේ දැන් අපේ එපාර්ට්‌මන්ට්‌ එකට ආවා. කට්‌ටිය බේස්‌මන්ට්‌ එකේ ඉඳන් බේස්‌ බෝල් පිත්තක්‌ අතේ තියන් බලන් ඉන්නේ මගේ කෙල්ල එනකං උන් ඒකිව අරන් යයි සමහරවිට උන් එයාව මරලදාන්නත් බැරි නැහැ කාර් එකේ අංකය 301 8 ඞඞඞ

පසුගිය දිනෙක මගේ ජංගම දුරකතනය වෙත මෙසේ කෙටි පණිවුඩයක්‌ ලැබුණේ මෙරට රැකියාවක්‌ කරන සිංගප්පූරු ජාතික මගේ මිතුරකුගෙනි. ඔහු දැනට වසර දෙකක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ මෙහි රැඳී සිටී. ලක්‍ෂ පහක පමණ මාසික පඩියක්‌ ගන්නා ඔහු ජීවත් වන්නේ තවත් මැලේසියානු මිතුරෙක්‌ සමග අති සුඛෝපභෝගී මහල් නිවාසයකය. ගාලු පාරෙන් මුහුද පැත්තට ඇදෙන පටු පාළු පාරක මෙම උස ගොඩනැඟිල්ල පිහිටා ඇති අතර එහි ඇති අනෙක්‌ නිවාස වල වෙසෙන්නෝද විදේශිකයන්ය. එකී මිතුරා දවල් කාලයේ හොඳින් තම කාර්යාලයේ රාජකාරි කළද රාත්‍රී කාලයෙන් වැඩි කොටසක්‌ ගත කරන්නේ කැරෝකේ වල කැසිනෝ වල සහ මත්පැන් බොමින් කොළඹ නගරයට ආසන්න මුහුදු වෙරළවල් වලය. ඔහු සමග ඇසුරු කරන තවත් එවැනිම ආසියානු විදේශික තරුණ තරුණියන් පිරිසක්‌ සිටී. ඒ අතර ඉන්දියන් ජාතිකයන් ඉන්දුනීසියන් කාරයන් තායි චීන සහ සිංගප්පූරු ජාතිකයන් කීප දෙනෙක්‌ ඇත.

මට කලින් කියා ඇති පරිදි මේ කළු පාට කාර් එකක්‌ ඇති චීනුන්ගේ පලහිලව්වේ මෙතෙක්‌ කතාව මෙයයි. ඉහත කී මා හිතවත් කෙනී නම් සිංගප්පූරු ජාතිකයාට බර්ඩ් නම් අන්වර්ථය ඇති තායි කෙල්ල මුණ ගැසෙන්නේ කැසිනෝ ශාලාවකදීය. ලාබාල ඇගේ ලපටි සිරුරටත් සරාගී පෙනුමටත් වශී වන ඔහු ඇය සමග පෙමින් වෙළෙයි. ඔහු පෙම් කළද ඇය කරන්නේ ඇගේ වෘත්තියයි. එනම් බර්ඩ් ගණිකාවකි. අද කොළඹ නගරයේ ඉහළම මිලකට විකිණෙන විදෙස්‌ කෙල්ලන් අතර බර්ඩ්ට ලැබෙන්නේ ප්‍රමුඛ තැනකි. ඇය ඇඟ විකුණා උපයන මුදලින් කොමිස්‌ ගැනීමටත් සතියකට වරක්‌ ඇගෙන් දහ දාහක කප්පමක්‌ ගැනීමටත් පුරුදු වූ චීන උපතක්‌ ඇති තවත් තායි පිරිසක්‌ සැදී පැහැදී සිටී. ඔවුන් ඇයට උපරිම ආරක්‍ෂාව සපයයි. කෙසේ වෙතත් තමාගේ නියම තත්ත්වය සහ චීනුන්ගෙන් වෙන අතවර ගැන බර්ඩ් කෙනීට පවසා සිටින අතර ටයිකොන්ඩෝ හෝ එවන් වර්ගයේ සටන් කලාවක්‌ ප්‍රගුණ කර ඇතැයි කියන මා මිතුරු කෙනී දවසක්‌ කැරොකේ මඩුවකදී චීනුන් සමග දබරයකට පෙළඹෙයි. කෙනීගෙන් දෙන්නෙක්‌ පහර කන අතර අනිකා පැන යයි නමුත් එතැන සිට ඔවුන්ට එන කරදර වල නිමක්‌ නැත. මරණ තර්ජන බැන වැදීම් ආදියෙන් නිරන්තරයෙන් පීඩා විඳින මේ පෙම් යුවළ නීතිය ඉදිරියට යැමට අවස්‌ථාවක්‌ද නැති නිසා මානසිකව බොහෝ අසරණ බවට පත්වෙයි. මෙහි සිටින්නට නීතිමය වීසා අවසර නැති බර්ඩ්ගේ ගමන් බලපත්‍රය සහ වෙනත් ලියකියවිලිද ඇත්තේ චීනූන් ළඟ නිසා ඇය තවත් අසරණය. මාෆියාකාරයන් පොරොන්දු වී ඇත්තේ ලඟදීම දිනක කෙනීගේ දකුණු අත කඩන බවත් බර්ඩ් විසින් තම කල්ලිය පාවා දුන් නිසා ඇගේ ඇස්‌ දෙක අන්ධ කරන බවත්ය. බර්ඩ් නිවසේ තනියම සිටින අවස්‌ථාවක එහි එවන ලද මැලේසියානු කුලී කාන්තාවක ලවා වරක්‌ මේ චීන්නු බර්ඩ්ට හොඳටම කුඩා යකඩ පොල්ලකින් පහර දී ඇත. තැලී නිල්වූ බෙල්ලත් නලලට වැදුනු මරු පහරක්‌ නිසා ඇය ඉතා වේදනාවෙන් සිටිනු මා සියෑසින්ම දැක ඇත්තෙමි.

පසුගිය දිනෙක කෙනී සිටින මහල් නිවාසයට උන් ආ විට ඒ බව දන්වා මට එවූ කෙටි පණිවුඩයට අනුව අප කීප දෙනෙක්‌ එහි ගියේ මුන් කවුදැයි බැලීමට මිස උන්ට දඬුවම් දීමට නොවන බවද කිව යුතුය. මුං වපුරා උඳු නෙලා ගත නොහැක. යමෙක්‌ වපුරන දේම කපා ගන්නේය. කෙනීලා බර්ඩ්ලා අද නෙලා ගන්නේ පසුගිය කාල වල උන් රාත්‍රී සමාජ ශාලා වල කැසිනෝ වලට ගොස්‌ ලක්‍ෂ ගණන් වපුරා කළ දේ වල ප්‍රතිඵලයි කෙනී ලබන සතියේ ගණිකා මාරුවක්‌ ලැබ ඉන්දුනීසියාවට යන අතර බර්ඩ් කොහේ සිටිනවාදැයි මම නොදනිමි.

මෑතකදී අපේ මාධ්‍ය මගින් පෙන්වා දුන් රුමේනියානු ජාතික දරුවෙකු සහ මෙහෙකාරියක ගෙල කපා කළ ඝාතනය කිරීමේ සිද්ධිය ගැන තාම අපට අමතක නැත. එම කතාව පිටුපස සිටින්නේද මේ විදෙස්‌ පාතාලයයි. ඔවුන් කණ්‌ඩායම් කීපයකින් ක්‍රියාත්මක වෙයි. අද අප රටේ විදෙස්‌ ගණිකා වෘත්තිය මත් ඡාවාරම කාම පෙති ඡාවාරම නිල් චිත්‍රපට සහ අසභ්‍ය සංයුක්‌ත තැටි ආදී කටයුතු වල පිටුපසින් මෙකී මාෆියා කාරයන්ද සැඟවී සිටින බව අපට සැලය.

කොළඹ නගරයේ ඇති ඉතා ප්‍රසිද්ධ සුවිසල් ඇඟළුම් සාප්පුවක සැරිසරමින් එම සාප්පුවට එන දෙස්‌ විදෙස්‌ පාරිභෝගිකයන්ට ඉතාම රහසිගතව ව්‍යාඝ්‍රා පෙත්තට සමාන බව පවසන ලිංගික උත්තේජක සහ වාජීකරණ පෙති අලෙවි කරන විදෙස්‌ යුවළක්‌ මම දනිමි. කෙල්ල මැලේසියානුය කොල්ලා පකිස්‌ථානුවෙකි මට ඒ අයව හඳුන්වා දුන්නේ කුළී කැබ් රථ රියදුරෙක්‌ වන මගේ හිතවතෙකි. මේ දෙන්නා සවස්‌ කාලයේ තම ව්‍යාපාරය අහවර වී නවාතැන වෙත යන්නේ මේ රියෑදුරා සමගිනි.

"මුන් දෙන්නා මාර බොරුවක්‌ කරන්නේ කොහෙන්ද ගෙන්නන විටමින් වර්ගයක්‌ තමයි සෙක්‌ස්‌ ස්‌ටිමියුලේටර් කියල විකුණන්නේ. මේ වට අහුවෙන්නෙ ගොඩක්‌ම අපේ රටේ මෝඩ හරක්‌ සහ මෝඩ අම්මණ්‌ඩිලා. ඇස්‌ නවටල අත අල්ලල ඇඟේ දැවටිල කාමේ ඇවිස්‌සෙන පට්‌ට පල් බොරු කියල බෙහෙත් පෙති දුසිම් ගණන් මුන් අපේ අයට ගිල්ලවනව. අපේ හරකුත් ඇන්දෙනව. වැඩියෙන්ම ඕව ගන්නව කියන්නේ කොළඹ අවටින් මෙහෙට ඇඳුම් ගන්න එන හයි ෆයි පාට්‌ දාන නෝනලයි.

සෘජුවම නොකීවත් ඛාන් නම් එම පෙති විකුණන පකිස්‌තානුවා සහ මැලේසියන් කෙල්ල අපට ඇඟවූයේ තමන් උපයන මුදලින් යම් කොටසක්‌ ඩැහැ ගැනීමට මාන බලන් තවත් පිරිසක්‌ පිටුපසින් සිටින බවයි.

ස්‌පීඩ්, එක්‌සටසි, එල්. එස්‌. ඩී වැනි මත්ද්‍රව්‍ය තාමත් අප රටේ එතරම් සුලබ නැතත් කොළඹ අවට සමහර කැරෝකේ වල සහ රාත්‍රී සමාජ ශාලා වල නම් ඒවායින් මත් වී පිස්‌සු නටන අයගේ අඩුවක්‌ නොපෙනේ. මේ ජාවාරම අද පවතින්නේත් අප රටට විවිධ රටවලින් පැමිණ හොර වීසා වලින් හෝ වීසා නැතිව මෙහි ජීවත් වන සමහර ආසියානු විදේශිකයන් අත බව කිව යුතුය.

මෙයට ටික කාලයකට පෙර කොළඹට ආසන්නයේ ගාලු පාර අයිනේ බිම තබා ගෙන ලස්‌සනට ඉදුනු ගස්‌ලබු අලෙවි කළ පපායා ලුලු ගැන ඔබ අසා හෝ දැක ඇද්දැයි නොදනිමි. මා නම් කීප වරක්‌ම ඇගෙන් පැපොල් මිලදී ගෙන ඇත්තෙමි පපායා ලුලු කලේ මැලේසියාවෙන් ගෙන්වන ලොකු පැපොල් ගෙඩි පාර අයිනේ තියාගෙන අලෙවි කිරීමයි. ගාලු පාරේ යන වාහන නවතා ඇගෙන් ගස්‌ලබු තොග පිටින් මිලදී ගන්නට පුරුදුව සිටි නිසා ඇය හොඳ මුදලක්‌ ඉපයුවාය. පසුව ඇය මුහුද පැත්තට වෙන්නට සුවිසල් නිවසක්‌ද කුළියට ගෙන තව මැලේසියන් සහ චීන තරුණ ගැහැනු පිරිමි කීපයක්‌ද රඳවාගෙන මේ ව්‍යාපාරය ව්‍යාප්ත කළාය. නමුත් මෑතකදී මට දැන ගන්නට ලැබුණේ නගරයෙන් ඈත පලාතකදී යම් කිසි පිරිසක්‌ විසින් ඇයට දස වධ දී ගෙල තියුණු පිහියකින් කපා මරා දමා තිබී හමු වූ බවයි. මෙම සිදුවීම පිටුපසද සිටින්නේ චීන මාෆියාව බව තතු දන්නෝ සැක පහළ කරති. ලුලු පැපොල් වෙළඳාම කරන බව ලෝකයට පෙන්වූවද ඇයගේ බිම්ගත රහස්‌ ව්‍යාපාරය වී තිබුණේ සාධාරණ මිලට මැලේසියන් චීන සහ රුසියානු කෙල්ලන් ශ්‍රී ලාංකික කාමාතුරයන්ට අලෙවි කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමයි ඇයද වැපුරූ දෙය කපා ගත්තීය.

අද රත්නපුරය කහවත්ත ඇහැළියගොඩ ආදී පෙදෙස්‌ වලටද මෙකී කණ්‌ඩායම් ඇදී ගොස්‌ ඇති බව දැන ගන්නට ලැබිණි. මෙයට කලකට පෙර ගෙවුඩ පුළුස්‌සා නිල් සැෆයර් බවට පත් කරන කාලයේ නම් තායි මාෆියාවක්‌ ඒ පලාත් වල තිබුණු බව බොහෝ අය දැන සිටියෝය. නමුත් අද තත්ත්වය ඊට වඩා වෙනස්‌ ආකාරයෙන් සිදු වන්නට හැකි නිසා කවුරු කවුරුත් අවධානයෙන් සිටියොත් හොඳය.

පිටකොටුවේද ඉතා සියුම් ආකාරයේ පකිස්‌ථානුවන්ගේ මාෆියාවක්‌ ඇති බවට අපට ආරංචිය. ඔවුන් කරන්නේ ස්‌මග්ලින් නොහොත් හොර බඩු ජාවාරමයි. ඊට යටින් හෙරොයින් හෂීස්‌ වැනි දෑද අලෙවි කරන්නට කටයුතු කරති.

"සෝමාලියාවට දැන් බඩු දාන්නේ සුද්දෙක්‌. මෑන් සතියකට දෙපාරක්‌ විතර කළු වීදුරු අල්ලපු ජීප් එකක රාජගිරියට එනව. සර් ඇවිල්ල හැංගිලා බලන් හිටියොත් අතටම අල්ලගන්න පුළුවන්"

මේ ආරාධනාව මට ආවේ සෝමාලියාවට මත්කුඩු ගන්න යන, බස්‌ වල හිඟා කන මත්ලෝලී තරුණයෙකුගෙනි. ඔහු කියන පරිදි හැංගිලා සිට කරුණු සෙවීමට මට අවශ්‍යතාවක්‌ නැත. එය පොලිසියේ හෝ මත්නාශක අංශයේ රාජකාරියකි. නමුත් ඒ තරුණයා කී දෙය ගැන සොයා බැලිය යුතුය. (සෝමාලියාව යනු අප රටේ අති අඩු ආදායම් ලබන්නන් වෙසෙන මත් ජාවාරම බහුල නාගරික මුඩුක්‌කු පරිසරයක්‌ බව දන්නෝ දනිති. සෝමාලියාව තමිල්නාඩුව බඩඕවිට වැනි මෙවන් කලාප ගැන අප විමර්ශනය කරමින් සිටින අතර ඒවා ගැන ඉදිරියේදී ලියෑවෙනු ඇත.

මෙයට කලකට පෙර කොටුවේ දුම්රියපළ අසල ඇති ලෝක වෙළඳ පොළට යාබදව තිබූ මමාස්‌ රෙස්‌ටොරන්ට්‌ නම් පිලිපීන අවන් හල ගැන සමහරු දන්නවා ඇතැයි සිතමි. එහි හිමිකාරියව සිටියේ මමා (අම්මා) නමින් කවුරුත් අමතන කාරුණික පිලිපීන කාන්තාවකි. ඇය කොතරම් හොඳ වුණත් රාත්‍රී කාලයට එතැනට ආව ගියේ ලංකාවේ ජීවත්වන මදාවිකාර සුද්දන් සුද්දියන්ය. නැතහොත් වෙනත් විදේශීය ආසියාතිකයන්ය. මමා කොතරම් නීති රිතී දැම්මත් එතැන හොර රහසේ සිදුවුණු ජාවාරම් ගුප්ත ව්‍යාපාර නවත්වන්නට ඇයට කිසිසේත්ම නොහැකි වුවාය. අද මමා කොහේ සිටීදැයි අපි නොදනිමු. නමුත් එතැන පසු කරගෙන යන අවස්‌ථාවලදී ඇගේ අවන්හල තිබූ ගොඩනැඟිල්ල අපට බොහෝ දේ මතක්‌ කර දෙයි.

අපි හඳ පෙන්නුවාම මිනිස්‌සු බලන්නේ හඳ දිහා නෙමෙයි අපේ අත දිහායි. ඒ නිසා මේ වගේ කරුණු මාධ්‍යයට කියන්න බයයි බොස්‌. ඊට පස්‌සේ පොලිසියයි සී අයිඩියයි ඇවිත් අපෙන් ප්‍රශ්න කරනව කොහෙන්ද කරුණු ගත්තේ සාක්‍ෂි තියෙනවද තැන පෙන්නනවද ආදී අනන් මනන් අහල ඒක නිසා අපේ නම් ගම් දාන්න එපා හරිද? මදක්‌ දැඩි ස්‌වරූපයෙන් මට එසේ කියූ කොම්පඤ්ඤවීදියේ මොහොමඩ් නම් ත්‍රීවිල් රියෑදුරු කියූ දේ තුළ සත්‍යයක්‌ද ඇති බව මම පිළිගනිමි. එහෙයින් සමාජයේ ඇති සහ අනාගතයේ මතුවන්නට හැකි ගැටලු උච්චාරණය කරමින් ඒවාට පිළියම් සොයනු වස්‌ අප පෙන්වා දෙන මෙම විමර්ශණාත්මක කරුණු ගැන අපෙන් විමසා අපට කරදර නොකරන ලෙසත් අපට (සුපුරුදු) මරණ තර්ජන ගර්ජන ආදිය නොකරන ලෙසත් දන්වමින් ලිපිය හමාර කරමි.

-දිවයින-

No comments:

Post a Comment

 

UNDERWORLD

UNDERWORLD

UNDERWORLD