නමුත් ලාංකේය පාතාලය අභිබවමින් කෙමෙන් කෙමෙන් නැඟී එන නාගරික සමාජය ආශ්‍රිතව ඉතා හොර රහසේ ක්‍රියාත්මක වන විදේශීය පාතාල ලෝකයක් අද අප රටේ ඇතැයි කීවොත් මා සමග කී දෙනෙක් එකඟ වනවා දැයි කී දෙනෙක් විරුද්ධ වනවාදැයි මම නොදනිමි.
Saturday, November 16, 2013
ලංකාවේ හිස ඔසවන චීන පාතාල කල්ලි
නමුත් ලාංකේය පාතාලය අභිබවමින් කෙමෙන් කෙමෙන් නැඟී එන නාගරික සමාජය ආශ්‍රිතව ඉතා හොර රහසේ ක්‍රියාත්මක වන විදේශීය පාතාල ලෝකයක් අද අප රටේ ඇතැයි කීවොත් මා සමග කී දෙනෙක් එකඟ වනවා දැයි කී දෙනෙක් විරුද්ධ වනවාදැයි මම නොදනිමි.
පාසල් දරුවන් සිරගෙදර රඳවා පාතාලයන් කර සමාජයට යැවීම
"මම මහරගම කළු තුෂාර.... මට රුපියල් ලක්ෂ දහයක් ඉරිදාට ඉස්සර ඕනේ....."
පසුගියදා මහරගම පරණ පාරේ ව්‍යාපාරිකයකුට ලැබුණු දුරකතන ඇමැතුමකින් එසේ කියැවිණි. එය ඇසූ සැණින් ව්‍යාපාරිකයා තුළ මහත් බියක් ඇති විය. "කළු තුෂාර" යනු ඉතා දරුණු අපරාධකරුවකු බව ඔහු අසා තිබිණි. ඒ නිසාම ඔහු පාතාල සාමාජිකයන් ළඟින් ඇසුරු කරන හිතවතකු සොයා ගියේය. "මම දන්න විදිහට නම් ඔය විදියට තුෂාර අයියා කතා කරන්නේ නැහැ...." කතාව ඇසූ ව්‍යාපාරිකයාගේ මිතුරා එසේ කියමින් කිසියම් මාර්ගයකින් සිරගෙදර සිටි කළු තුෂාර හා සම්බන්ධ වී සිද්ධිය පවසා ඔහු හා කතා කිරීමට ව්‍යාපාරිකයාට අවස්ථාව ලබාදුන්නේය. ඔහුගේ කතාව ඇසූ තුෂාර එම ඇමැතුම ලද දුරකතන අංකය ඉල්ලාගෙන ඊට විනාඩි කිහිපයකට පසු ව්‍යාපාරිකයා ඇමතුවේය. "බය වෙන්න එපා මුදලාලි, උෟ මගේ නම විකුණන්න හදලා.... මං උෟට දෙකක් කතා කළා...."
ලයිෂන් මැරයෝ
Thursday, November 14, 2013
මල්වඩම් අනවශ්‍යයි මන්න දෙකක් අවශ්‍යයි
අතීතයේ කසිප්පු ටිකක් බීගෙන කඩු, ටියුබ් ලයිට්, යකඩ පොලු ගෙන ගමේ රජකළ ආරිලා, පාලලා, ඇලෝසියස්ලා සහ උක්කුවලා වැනි ගං චණ්ඩින්ගේ යුගය මෙරට පාදඩ සංස්කෘතියේ ආරම්භය ලෙස අද ඉතිහාසයට එක්ව තිබෙන්නකි. එම ඉතිහාසයේදී මෙකී ගං චණ්ඩින් කළේ කසිප්පු හෝ ගංජා ටිකක් විකුණමින් තමන්ගේ ආදායම සරි කර ගන්නා අතරේ තමන්ට එරෙහිව ගමේ කිසිවකු හෝ නැගී සිටියහොත් ඔහුට අතපය කැඩෙන්නට ප්‍රහාරයක් එල්ල කර චණ්ඩි කමින් ගම වැනසීම විය. එහිදී එම පාදඩයන්ගේ ශාපය බලපෑවේ ගං චණ්ඩියා ජීවත් වූ ගමට පමණකි. නමුත් නින්දිත ලෙස සිදු කෙරුණු මිනිස් ඝාතන, ස්ත්‍රී දූෂණ කොල්ල කෑම් ආදී නරුම දේ මගින් එකී යුගයේදී ගම හෝ සමාජය ඔත්පල නොවීය.
Friday, November 8, 2013
පාතාල ලෝකය (Sri Lankan underworld)
පාතාල ලෝකය හා වෙනත් අපාරාධ සම්බන්ධයෙන් විවධ මාධ්‍යන්හි පළවන තොරතුරු මෙන්ම වෙනත් ආකාරයන් මඟින් ජනතාව අතර කතාබහ කෙරෙන තොරතුරු මෙම වෙබ් අඩවිය මඟින් එකම ස්ථානයකට කැටි කෙරේ.
The information of Sri Lankan underworld and other crimes reported in medias and also talked in the community in other ways are summed up by this website.
The information of Sri Lankan underworld and other crimes reported in medias and also talked in the community in other ways are summed up by this website.
Subscribe to:
Posts (Atom)